බන්ධනාගාර රෝහල ඇතැම් අවස්ථාවල අවභාවිත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මේ හේතුවෙන් බන්ධනාගාර රෝහල ජනතාවගේ මනස තුළ ස්ථානගත වී ඇත්තේ වෙනස්ම ආකාරයකට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ (12) එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව බවත්, බන්ධනාගාර තුළ බෝනොවන රෝග වැඩිවීමට ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම වැනි හේතු නිසා ඇතිවන ගැටළු හේතුවෙන් නිරාවරණය වන මානසික ආතතීන් හා පීඩනකාරී පරිසර තත්ත්වයන් ද හේතු වන බවත්, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.





