AFC Banner
AFC Banner
Empty Ad

බන්ධනාගාර කාන්තාවන්ගේ පාද දෝවනය කළ ශුද්ධෝත්තම පාප් වහන්සේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (28) දින මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව රෝමයේ බන්ධනාගාරයක කාන්තාවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය මහ බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙය අතරතුර පාප් වහන්සේ විසින් කාන්තාවන් 12 දෙනෙකුගේ පමණක් පාද දෝවනය කළ පළමු අවස්ථාව වනවා.

87 හැවිරිදි පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක තිබියදීත් රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ පැවති මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සහභාගී වී තිබෙනවා.

ඔහු රෝද පුටුවේ සිට සෑම කාන්තාවකගේම පාද සේදූ අතර, එම කාන්තාවන් පාප් වහන්සේ ඔවුන්ගේ පාද සේදූ අවස්ථාවේ සංවේදී වී කඳුළු සලමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාද සේදීමේ චාරිත්‍රය පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා සිදුවන අතර ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයන්ගේ පාද සේදීම මතක් කිරීමට උත්සාහ කරනවා.

ෆ්‍රැන්සිස් පියාණන් පාප් වහන්සේ ලෙස තේරී පත්වූ දා සිට මෙම උත්සවය වතිකානු භූමියෙන් පිටතට ගෙන ගොස් සිරකරුවන්, සරණාගතයින් සහ ආබාධිත පුද්ගලයින්ගේ පාද සේදීමෙන් මහා බ්‍රහස්පතින්දා පාද දෝවනය සැමරීම ඉතාම විශේෂ අංගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?