”බන්ධනාගාරය ජීවිතයට දෙවන අවස්ථාවක් දෙන පාසලක් විය යුතුයි” – අධිකරණ ඇමති

”බන්ධනාගාරය යනු දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතුයි.” යැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර නිලධාරීනියන් 177 දෙනෙක් විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී අද (05) පෙරවරුවේ සහභාගි වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ රජය යටතේ යුක්තිය අතලොස්සක් දෙනෙකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන්ගෙම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටින බවයි.

ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවටම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බවත්, රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම රජය භාර ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10