බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමුදෙයි ? (වීඩියෝ)

තමන් බැඳුම්කර වංචාවේ සුලමුල සොයා අවසන් වන තෙක් මෙරට දේශපාලනය යළිත් සිදු කිරීමට කැමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අද (01) පස්වරුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ තමන් පෙර ආණ්ඩුව යටතේ දී ද බැඳුම්කර වංචාව ගැන කතා කළ බවත්; කිසිදු අවස්ථාවක දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම බැඳුම්කර සිද්ධියට හසු කර නොමැති බවයි.

සෙක්කුවක් අසල සිටගෙන චොක්ලට් කෑව ද; ඇතැම් පිරිස් පවසනුයේ පුන්නක්කු කන බවට නම්; එවන් රටක දේශපාලනය කිරීම තේරුම් රහිත ක්‍රියාවක් බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හොරෙක් දැයි යන්න නිශ්චිතව ම හෙළිදරවු වුවහොත් පමණක් යළිත් දේශපාලනයට පිවිසෙන බවට ද හිටපු කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එබැවින් එළඹෙන මහ මැතිවරණයේ දී ද සිය පිවිසීම නිශ්චිත වන්නේ මෙම දූෂණ අර්බුද විසඳුණහොත් පමණක් බවයි හෙතෙම කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
4
+1
264
+1
5
+1
10
+1
6
+1
31
Subscribe
Notify of
12 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?