බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමුදෙයි ? (වීඩියෝ)

තමන් බැඳුම්කර වංචාවේ සුලමුල සොයා අවසන් වන තෙක් මෙරට දේශපාලනය යළිත් සිදු කිරීමට කැමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අද (01) පස්වරුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ තමන් පෙර ආණ්ඩුව යටතේ දී ද බැඳුම්කර වංචාව ගැන කතා කළ බවත්; කිසිදු අවස්ථාවක දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම බැඳුම්කර සිද්ධියට හසු කර නොමැති බවයි.

සෙක්කුවක් අසල සිටගෙන චොක්ලට් කෑව ද; ඇතැම් පිරිස් පවසනුයේ පුන්නක්කු කන බවට නම්; එවන් රටක දේශපාලනය කිරීම තේරුම් රහිත ක්‍රියාවක් බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හොරෙක් දැයි යන්න නිශ්චිතව ම හෙළිදරවු වුවහොත් පමණක් යළිත් දේශපාලනයට පිවිසෙන බවට ද හිටපු කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එබැවින් එළඹෙන මහ මැතිවරණයේ දී ද සිය පිවිසීම නිශ්චිත වන්නේ මෙම දූෂණ අර්බුද විසඳුණහොත් පමණක් බවයි හෙතෙම කියා සිටියේ.

  1. බල්ලා මැරුනාම මැක්කට අනාගතයක් නෑ. ආවොත් කුජීත වෙන්න පැරදෙන බව දන්න නිසා එන්නෙ නෑ. එකටහ් පොර ටෝක් දෙනවා. නෙදකින් මේ වගෙ අමනයෝ.

  2. මම අද කියුවා කියලා මතක තියාගන්න. මෙයා මේ කෙකරගාමින් ඉන්නෙ ලගදීම රටින් පනින්න. ඔක්කොම ගනුදෙනු උනේ රට ඉන්න දුව සහ බෑනා හරහා. එයාල ඩුබායි ශේක්ලගේ දරුවන්ටත් වඩා සුපිරි ජීවිත ගත කරනවා. එයාලා පිටරට අටවාගත් බොරු කොම්පැනියක් හරහා තමයි සියලු ගනුදෙනු වුනේ. බිලියන ගනන් දුවලා ලග. දැන් රටින් පනිනවාමයි.

  3. මේ කතාවෙන් ගම්‍ය වන අදහස නම් ඔහු හොරෙකු බව ඔහුම ප්‍රකාශ කිරීම. පරම පවිත්‍ර කණ්ඩායමකට ඉඩදී අයින් වෙනවා කියන්නේම, තමන් පිවිතුරු නොවන බව නොවේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21