බදුල්ල පොලිසියට තග දැමූ රාජ්‍ය ඇමති චාමර (වීඩියෝ)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස් ස්ථානයට කඩාවැදී එහි නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට උරණ වී රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පොලිස් ස්ථානයට පැමිණ කළහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් “පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැළඳ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදුනු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී බදුල්ල පොලිසියට කඩාවැදුණු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් එම පිරිස නිදහස් කරගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරෙන අයුරු අසල සිටි පුද්ගලයෙක් මෙලෙස වීඩියෝ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
27
+1
3
+1
1
+1
6
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10