Empty Ad
AFC Banner
Empty Ad

බණ කියූ වරදට විහාරාධිපති හිමිනම ඝාතනය කරලා

පහරකෑමකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණෝ අපවත් වී තිබෙනවා.

මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වී ඇත්තේ ඊයේ (16) දිනයේ දියි.

පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දේවානන්ද ස්වාමීන්වහන්සේට පහර දී තිබූ බව වාර්තාවන අතර ඉන් ලද තුවාළ හමුවේ උන්වහන්සේ රෝහල්ගත කර තිබුණා.

අපවත්වන විට උන්වහන්සේ 89 වැනි වියේ පසු වුණා.

ධර්ම කරුණක් ගෙන හැර පාමින් ස්වාමීන්වහන්සේ ලබා දුන් උපදෙසක් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඔවුන් මෙම පහරදීම සිදු කර ඇති බව පැවසෙනවා.

කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය ආසන්නයෙන් ගලා බසින ඇල මාර්ගයේ පසුදිය දා තරුණයෙකු මසුන් අල්ලමින් සිට තිබෙනවා.

එය දුටු දේවානන්ද ස්වාමීන්වහන්සේ එම ස්ථානයට පැමිණ සත්ත්ව ඝාතනයෙන් සිදුවන අකුසල් පිළිබඳ පැහැදිළි කරමින් ඔහුට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ස්වාමීන්වහන්සේගේ වදනින් කෝපයට පත්ව ඇති තරුණයා පසුව ඔහුගේ මිතුරන්වන තවත් තරුණයින් සිව්දෙනෙකු ද කැඳවාගෙන විහාරස්ථානයට පැමිණ ඇති අතර විහාරස්ථානය තුළ දීම දේවානන්ද ස්වාමීන්වහන්සේට දැඩි ලෙස පහර දී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් වූ උන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ අපවත්වී ඇත්තේ.

මේ අතර මෙම පහරදීමට සම්බන්ධ සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස වැලිගම ගුරුබැවිල ශ‍්‍රී නාගමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම රාහුල හිමිපාණන් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

රාහුල හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට කි‍්‍රයාත්මක වන නිරෝධායන නීති අනුව අපවත්වී වදාල පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද (17) දින තුළ දීම සිදුකරන බව යි.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු මේවන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බවත් වැලිගම පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට පත් දෙදෙනා අවුරුදු 23, 24 යන වයස්වල පසුවන වැලිගම පදිංචිකරුවන් බව ද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>