බණ කියූ වරදට විහාරාධිපති හිමිනම ඝාතනය කරලා

පහරකෑමකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණෝ අපවත් වී තිබෙනවා.

මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වී ඇත්තේ ඊයේ (16) දිනයේ දියි.

පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දේවානන්ද ස්වාමීන්වහන්සේට පහර දී තිබූ බව වාර්තාවන අතර ඉන් ලද තුවාළ හමුවේ උන්වහන්සේ රෝහල්ගත කර තිබුණා.

අපවත්වන විට උන්වහන්සේ 89 වැනි වියේ පසු වුණා.

ධර්ම කරුණක් ගෙන හැර පාමින් ස්වාමීන්වහන්සේ ලබා දුන් උපදෙසක් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඔවුන් මෙම පහරදීම සිදු කර ඇති බව පැවසෙනවා.

කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය ආසන්නයෙන් ගලා බසින ඇල මාර්ගයේ පසුදිය දා තරුණයෙකු මසුන් අල්ලමින් සිට තිබෙනවා.

එය දුටු දේවානන්ද ස්වාමීන්වහන්සේ එම ස්ථානයට පැමිණ සත්ත්ව ඝාතනයෙන් සිදුවන අකුසල් පිළිබඳ පැහැදිළි කරමින් ඔහුට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ස්වාමීන්වහන්සේගේ වදනින් කෝපයට පත්ව ඇති තරුණයා පසුව ඔහුගේ මිතුරන්වන තවත් තරුණයින් සිව්දෙනෙකු ද කැඳවාගෙන විහාරස්ථානයට පැමිණ ඇති අතර විහාරස්ථානය තුළ දීම දේවානන්ද ස්වාමීන්වහන්සේට දැඩි ලෙස පහර දී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් වූ උන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ අපවත්වී ඇත්තේ.

මේ අතර මෙම පහරදීමට සම්බන්ධ සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස වැලිගම ගුරුබැවිල ශ‍්‍රී නාගමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම රාහුල හිමිපාණන් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

රාහුල හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට කි‍්‍රයාත්මක වන නිරෝධායන නීති අනුව අපවත්වී වදාල පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද (17) දින තුළ දීම සිදුකරන බව යි.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු මේවන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බවත් වැලිගම පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට පත් දෙදෙනා අවුරුදු 23, 24 යන වයස්වල පසුවන වැලිගම පදිංචිකරුවන් බව ද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12