බණ්ඩාරවෙල දී පාසල් සිසුවියක් පැහැරගැනීමේ තැත වරදියි

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 10 හැවිරිදි පාසල් සිසුවියක්, කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යෑමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

සිසුවිය පසුගිය සිකුරාදා (19) පාසැල නිම වී තනිව පාසල් බස් රථයට යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඇයව පැහැරගෙන යාමටයි උත්සාහ දරා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප බණ්ඩාරවෙල පොලිසියෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

එම පැමිණිල්ලට අනුව මේ වනවිටත් විමර්ශන ආරම්භකර ඇති බව බණ්ඩාරවෙල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් අප සමඟ ප්‍රකාශ කර සිටියා.

පසුගිය සිකුරාදා (19) දින සිසුවිය පාසල නිමව තනිව පාසල් බස් රථයට යෑමට බණ්ඩාරවෙල, සීවලි මාර්ගය ඔස්සේ පාගමනින් යමින් සිටියදී, පාසලේ සිට මීටර් 500ක පමණ දුර ඇති ග්‍රේන්ජ් ස්ටෙප් පඩිපෙළ ආසන්නයේ දී සුදු පැහැති වෑන් රථයක් මාර්ගය අසල නවතා ඇති ආකරය දැක තිබෙනවා.

එම අවස්ථාවේ තරුණයකු වෑන් රථයෙන් බැස සිසුවිය අසලට පැමිණ “අම්මා අසනීප වී රෝහලේ නතර කළා. ඔයාට මේ චොක්ලට් එක දීලා ඔයාව වෑන් එකේ එක්ක එන්න කිව්වා.” යනුවෙන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සිය මව, සහෝදරයා ඉගෙනුම ලබන පාසලට යන බව පෙරදින තමන්ට පැවසූ බවට සිසුවියට සිහිපත් වී ඇති බවත් ඒ, සමඟ බියට පත්වූ ඇය පඩිපෙළ ඔස්සේ දිවවිත් බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළඳසැලකට ගොස් බේරී ඇති බව සඳහන්.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය මව සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
13
+1
11
+1
32
+1
55
+1
18
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47