බටලන්ද කොමිසමේ වාර්තාව නීතිපති වෙත

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?