බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පිටියට එන්න ගුණතිලක සූදානමින්

එළඹෙන 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත සඳහා විදේශීය ක්‍රීඩකයින් 443 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

මෙම විදේශීය ක්‍රීඩකයින් අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණ වනවා.

මෙලෙස ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර, දූෂණ චෝදනා ලබා නීති කටයුතු වෙනුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ධනිෂ්ක ගුණතිලක ද වන බවයි වාර්තා වුණේ.

ඇමරිකානු ඩොලර් 40,000ක මූලික මිල කාණ්ඩයේ ඔහු එළඹෙන තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී සිටින බව සඳහන්.

ධනිෂ්කට අමතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයි වන දසුන් ශානක, ඉසුරු උදාන, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, චාමික කරුණාරත්න, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, කසුන් රාජිත වැනි ක්‍රීඩකයි 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
44
+1
1
+1
11
+1
6
+1
4
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?