බංගලාදේශය සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙරට අවධානය

බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් අතිගරු තානාපති Asad Alam Siam මහතා නොවැම්බර් 06 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

බංගලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා සහ බංගලාදේශ දූත පිරිස අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගනු ලැබූ අතර මෙහිදී වගවීම, විනිවිදභාවය සහ යහපාලනය අවධාරණය කරමින් වත්මන් කලාපීය සංවර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම කෙරෙහි අවධානය යොමුව තිබුණා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ආයතනික ප්‍රතිසංස්කරණවල වැදගත්කම සහ ඵලදායී හා විනිවිදභාවයෙන් යුතු පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා දූෂිත ක්‍රියාවලීන් තුරන් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර කෙරෙහි ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඇති මාර්ගයන් පිළිබඳ දෙපර්ශවය සාකච්ඡාකර තිබෙනවා.

මෙම අවස්ථාවට දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර බංග්ලාදේශ දූත පිරිසට ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Ishrat Jahan, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (FSO) Md. Manuar Mukarram සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් Mohammad Nahid Zahangir ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා දූත පිරිසට බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු ධර්මපාල වීරක්කොඩි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ දකුණු ආසියානු සහ සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54