පොළොන්නරුවේ ප්‍රයිවට් බස් චණ්ඩීන් කළ පහරදීමෙන් පස්දෙනෙකු රෝහලට

පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට දී ඊයේ (25) සවස පෞද්ගලික බස් රථ රියදුරෙකු, පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයට අතරමග දී පෞද්ගලික පන්ති යන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් පටවාගෙන ඒම නිසා පෞද්ගලික බස් රථයට මගී ජනතාව අඩුවීම මෙම ගැටුමට හේතුව බවයි වාර්තා වන්නේ.

මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයා ද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවත් වාර්තා වනවා.

මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකාරවරයා, කාර්මික නිලධාරියකු සහ ඩිපෝවේ රියදුරු රෝහල්ගත වීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද පොළොන්නරුව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

ඩිපෝ කළමනාකාරවරයාට, රියැදුරුට සහ කාර්මික නිලධාරියාට පහරදීමත් සමග ඊට විරෝධය පළ කරමින් සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවයි සඳහන් වන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් අද (26) බස් රථ වර්ජනයක් ද සිදු කිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු දසත ප්‍රාදේශීය වාර්තාකරු කළ විමසීමක දී ප්‍රකාශ කර තිබෙනවා.

පොළොන්නරුව ඩිපෝවේ බස් රථ රැසක් මේ වනවිට ගාල්කර ප්‍රධාන ගේට්ටුව වසා සේවකයන්ගේ සහ බස් රථවල මෙන්ම දේපළවල ආරක්ෂාව පොලිසිය විසින් තහවුරු කර තිබෙනවා.

පොළොන්නරුව ඩිපෝවට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21