ඊයේ සිදුවූයේ තම අනන්‍යතාවය තබාගෙන විපක්ෂය සමඟ එකට වැඩ කිරීමට තීන්දු කිරීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.
කිසිම ආකාරයෙන් සමගි ජන බලවේගය සමඟ එක්වීමක් එහිදී සිදු නොවූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔහු ඇතුළු පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමඟ එක් නොවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.
තමන් ඇතුළු එම කණ්ඩායමට සමගි ජන බලවේගයේ පක්ෂ සමජිකත්වය ලබා ගැනීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම සන්ධානය සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවටයි තොරතුරු වාර්තා වුණේ.




