AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් ? (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමේ තීරණයක් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අද (31) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පක්ෂ සංවිධායක නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ.

මන්ත්‍රීවරයා සඳහන් කළේ; මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම පොහොට්ටුවේ අපේක්ෂකත්වයට යෝජනා කිරීමට නියමිත බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන පරිදි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙරට පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ වුව ද, මෙවර පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ හට සහාය ලබාදිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
64
+1
8
+1
1
+1
4
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?