පොහොට්ටුවෙන් ජනපතිවරණයට වෙන ම අපේක්ෂකයෙක් (වීඩියෝ හා ඡායාරූප)

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයා වෙන ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය මීට ටික වේලාවකට පෙර (29) පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කර සිටියේ.

විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පොහොට්ටුවෙන් එලෙස ඉදිරිපත් කරන වෙනම අපේක්ෂකයා කවුරුන් දැයි තීරණය කළා දැයි යන්නයි.

නමුත් ඊට පිළිතුරු ලබාදෙමින් මහලේකම්වරයා සඳහන් කළේ; එම පුද්ගලයා කවුරුන් දැයි අද දිනයේ දී තීරණය නොකළ බවත්, පොහොට්ටුවට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඒකමතික ව තීරණය කෙරුණු බවයි.

අද පස්වරුවේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභිකයින් රැස් වුණා.

ඒ එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන සිය අපේක්ෂකයා සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ගැනීමටයි.

මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු ජ්‍යේෂ්ඨ පක්ෂ සාමාජිකයින් රැසක් ද එක් ව සිටියා.

මෙම තීන්දුවත් සමග එළඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය කිසිදු ලෙසකින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට හිමි නොවනු ඇති.

WhatsApp Image 2024 07 29 at 20.52.04 1
WhatsApp Image 2024 07 29 at 20.52.04
WhatsApp Image 2024 07 29 at 20.52.05
WhatsApp Image 2024 07 29 at 20.52.06 1
WhatsApp Image 2024 07 29 at 20.52.07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
3
+1
2
+1
1
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?