පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස

පොසොන් පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන විශේෂ රාජ්‍ය සමාව යටතේ බන්ධනාගාරගත සිරකරුවන් රැසක් නිදහස ලැබීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි මෙම විශේෂ රාජ්‍ය සමාව හිමිවන්නේ.

බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සඳහන් කළේ මෙවර ජනාධිපති විශේෂ සමාව අදාළ වනුයේ මෙම වසරේ මැයි 22 දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හා සිරකාරියන් සඳහා පමණක් බවයි.

බන්ධනාගාර ගතව ජූනි 3 දින දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14ක සමාවක් පිරිනැමීම, දඩ මුදල් නොගෙවීම මත 3 වනදා වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම, දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර, මෙම 3 දිනට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයේ දඬුවම් නියම කළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම සිදු වනු ඇති.

එමෙන්ම මෙම හෙට දිනට ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ සිරකරුවන් අතුරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියම කර ඇති සිරකරුවන්ගේ සිර දඬුවම වසර 15කට අඩු කර (දඩ දඬුවම්ද සමඟ) මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර (දඩ මුදල් නොගෙවීම මත නියම කර ඇති සිර දඬුවම්ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා.

ඒ අනුව විශේෂ ජනාධිපති සමාව යටතේ හෙට දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම සිරකරුවන් නිදහස් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?