පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස

පොසොන් පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන විශේෂ රාජ්‍ය සමාව යටතේ බන්ධනාගාරගත සිරකරුවන් රැසක් නිදහස ලැබීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි මෙම විශේෂ රාජ්‍ය සමාව හිමිවන්නේ.

බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සඳහන් කළේ මෙවර ජනාධිපති විශේෂ සමාව අදාළ වනුයේ මෙම වසරේ මැයි 22 දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හා සිරකාරියන් සඳහා පමණක් බවයි.

බන්ධනාගාර ගතව ජූනි 3 දින දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14ක සමාවක් පිරිනැමීම, දඩ මුදල් නොගෙවීම මත 3 වනදා වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම, දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර, මෙම 3 දිනට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයේ දඬුවම් නියම කළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම සිදු වනු ඇති.

එමෙන්ම මෙම හෙට දිනට ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ සිරකරුවන් අතුරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියම කර ඇති සිරකරුවන්ගේ සිර දඬුවම වසර 15කට අඩු කර (දඩ දඬුවම්ද සමඟ) මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර (දඩ මුදල් නොගෙවීම මත නියම කර ඇති සිර දඬුවම්ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා.

ඒ අනුව විශේෂ ජනාධිපති සමාව යටතේ හෙට දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම සිරකරුවන් නිදහස් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10