පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලේ ගිණුමට බැතිමතුන්ගෙන් ලක්ෂ 50කට වැඩි මුදලක්

බැතිමතුන්ගෙන් සිදුකළ ඉල්ලීමට අනුව මෙවර පොසොන් මංගල්‍යය සඳහා මේ වනවිට විශාල වශයෙන් දායකත්වය ලැබෙමින් පවතින බව ඓතිහාසක මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් අද (29) මේ බව සඳහන් කළා.

මෙවර පොසොන් මංගල්‍ය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මිහින්තලා ආලෝක පූජාව සහ මිහිඳු පෙරහැර පැවැත්වීමට නොහැකි පසුබිමක් උදා වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් පසුගිය දිනවල සඳහන් කළා.

ඒ, අනුව දෙස් විදෙස් බැතිමතුන් විසින් මේ වන විට ඒ සඳහා දායකත්වය ලබාදෙමින් පවතින බවයි උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ.

මේ වන විටත් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් විසින් මිහින්තලා රජ මහා විහාර ගිණුමට බැර කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණා.

ලොව වැඩිම සතුටින් සිටින පිරිස වන්නේ වසර 75ක් පුරා මූල්‍ය කලමනාකාරණය හොඳින් සිදුකළ මෙරට දේශපාලඥයින් බව ද උන්වහන්සේ මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
0
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03