spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලේ ගිණුමට බැතිමතුන්ගෙන් ලක්ෂ 50කට වැඩි මුදලක්

බැතිමතුන්ගෙන් සිදුකළ ඉල්ලීමට අනුව මෙවර පොසොන් මංගල්‍යය සඳහා මේ වනවිට විශාල වශයෙන් දායකත්වය ලැබෙමින් පවතින බව ඓතිහාසක මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් අද (29) මේ බව සඳහන් කළා.

මෙවර පොසොන් මංගල්‍ය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මිහින්තලා ආලෝක පූජාව සහ මිහිඳු පෙරහැර පැවැත්වීමට නොහැකි පසුබිමක් උදා වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් පසුගිය දිනවල සඳහන් කළා.

ඒ, අනුව දෙස් විදෙස් බැතිමතුන් විසින් මේ වන විට ඒ සඳහා දායකත්වය ලබාදෙමින් පවතින බවයි උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ.

මේ වන විටත් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් විසින් මිහින්තලා රජ මහා විහාර ගිණුමට බැර කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණා.

ලොව වැඩිම සතුටින් සිටින පිරිස වන්නේ වසර 75ක් පුරා මූල්‍ය කලමනාකාරණය හොඳින් සිදුකළ මෙරට දේශපාලඥයින් බව ද උන්වහන්සේ මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
0
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?