පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවාවක් – නොමිලේ මිහින්තලේ යන්නත් අවස්ථාව

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 20ක් පමණ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

ඊට අමතරව අනුරාධපුරය සිට මිහින්තලය දක්වා පොසොන් සමය තුළ දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

මේ අතර අනුරාධපුරය සිට මිහින්තලය දක්වා යොදා ඇති දුම්රිය ගමන්වාර 36 තුළ බැතිමතුන්ට නොමිලේ ගමන් පහසුව සලසා ගත හැකි බව සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා ඒ වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් මුදල් සපයා ඇති බව ද සඳහන් කර සිටියා.

මෙම දුම්රිය ගමන්වාර ලබන 09 වනදා සිට 12 වනදා දක්වා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක වනවා.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?