පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තිස්සමහාරාමයේදී පුද්ගලයින් දෙනෙකු මිය යයි

තිස්සමහාරාම, සූරියවැව ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද පස්වරුවේ තිස්සමහාරාම ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙනෙකු විසින් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් කොල්ල කා පළා ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සූරියවැව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ කොල්ලකරුවන් දෙදෙනා ලු‍හුබැඳ ගොස් තිබෙනවා.

එහිදී කොල්ලකරුවන් විසින් පොලිස් ජීප් රථයට වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙහිදී පොලිස් ජිප් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ජීප් රථයේ සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?