පොලීසිය දැඩි අවදානමක..? හේතුව මෙන්න

පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසයේදී පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ වෛරසය ආසාදනයවූවන් අතර වෛද්‍යවරු 11දෙනෙකු, හෙද හෙදියන් 55දෙනෙකු, අතුරු වෛද්‍ය සේවාවේ 10දෙනෙකු ද සිටින බවය.

සෑම දිනකම රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු වෛරසයට නිරාවරණය වන බව ඔහු පැවසීය. මේ අතර, නයි නැටවීම, රිලවුන් නැටවීම සහ සාස්තරකීම තුළින් තම ජීවිකාව සරිකර ගන්නා ජනතාව පදිංචි වව්නියාව, නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ 26 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

ඒ, ඊයේ එම ගම්මානයේ 164 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදීය. බණ්ඩාරවෙළ එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි නාට්ටාමිවරයෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වීමෙන් පසු ඔහුගේ ඥාතීන් විසින් ඔහුව භාරනොගැනීම නිසා ඔහුට තොග වෙළඳ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.

පසුව මේ පිළිබඳ දැනගත් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා , සෞඛ්‍ය අංශවලට දැනුම්දීමෙන් පසු ගිලන් රථයක් ගෙන්වා බිදුණුවැව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත එම ආසාදිතයාව යොමුකරනු ලැබීය. මේ අතර දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ තීරණය හෙට ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී තීරණයකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දැනට නිවසේදී ප්‍රතිකාර ලබාදීම සහ කළමනාකරණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින්ට හඳුන්වා දුන් 1904 SMS සේවාව අද (02) දකුණු පළාතටත් හඳුන්වාදුනි. ඒ අනුව ඔබ නිවසේ සිටින කොවිඩ් ආසාදිතයෙකු නම්, ඔබට ශ්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා ඇත්නම් A අක්ෂරයද , උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ ඇත්නම් B අක්ෂරයද, රෝග ලක්ෂණ නොමැති අයෙක් නම් C අක්ෂරය ද යොදා ඔබේ වයස, උපන් දිනය සහ ලිපිනය ද සටහන් කර 1904 අංකය වෙත SMS පණිවිඩයක් යොමු කිරීමෙන් අදාළ සේවාව ලබාගත හැකිවෙයි.

මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බස් රථ ඊයේ පයාගල පොලිසියේ පරික්ෂාවට ලක්කෙරුණා. එහිදී අත්‍යාවශ්‍ය සේවා පුවරුව යටතේ සාමාන්‍ය මගීන් ද ධාවනය කළ බස් රථයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් පියවර ගත්තේය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ බස් සහ දුම්රියේ පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා නිසි සැළැස්මක් ක්‍රියාත්මක නොකරන තෙක් කොවිඩ් පැතිරීම පාලනය කරගැනීමට නොහැකි වනු ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15