spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලීසියේ ඉල්ලීමක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

අද (02) විශ්වවිද්‍යාල සිසුන් විසින් කොළඹ පැවැත්වීමට නියමිත පා ගමන වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා ගමන මං මාවත් කීපයකට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කර තිබු අතර එය ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අදාළ පා ගමන්කරුවන් නීතිය හෝ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වන වගන්ති යටතේ කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?