පොලිසිය එලන යුක්තියේ දැලට පැය 24ක් තුළ තවත් 877ක් කොටු

2024.01.15 දින අලුයම 12.30 සිට 2024.01.16 වන දින අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය සිදුකළ ‘යුක්තිය’ විශේෂ මෙහයුමේ දී සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 04ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28ක් ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 475ක්, අයිස් ග්‍රෑම් 501ක්, ගංජා කිලෝ 07යි ග්‍රෑම් 900ක්, ගංජා පැල 3605ක්, මාවා ග්‍රෑම් 305ක්, මදන මෝදක ග්‍රෑම් 137ක් සහ මත්පෙති 126ක් ද මෙම විශේෂ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාවීමව ඊයේ (15) දිනයේ දී රථ වාහන මෙහෙයුම් ද සිදුකළ බව පොලිසිය සඳහන් කළා.

එහිදී බස් රථ 729ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද වෙනත් වාහන සංඛ්‍යාව ද 729ක්.

මෙම පරීක්ෂා කිරීම්වල දී මත්ද්‍රව්‍ය, මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙක් සහ සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසුවා.

රථ වාහන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 738ක් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 166ක් එක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?