පොලිසිය එලන යුක්තියේ දැලට පැය 24ක් තුළ තවත් 877ක් කොටු

2024.01.15 දින අලුයම 12.30 සිට 2024.01.16 වන දින අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය සිදුකළ ‘යුක්තිය’ විශේෂ මෙහයුමේ දී සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 04ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28ක් ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 475ක්, අයිස් ග්‍රෑම් 501ක්, ගංජා කිලෝ 07යි ග්‍රෑම් 900ක්, ගංජා පැල 3605ක්, මාවා ග්‍රෑම් 305ක්, මදන මෝදක ග්‍රෑම් 137ක් සහ මත්පෙති 126ක් ද මෙම විශේෂ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාවීමව ඊයේ (15) දිනයේ දී රථ වාහන මෙහෙයුම් ද සිදුකළ බව පොලිසිය සඳහන් කළා.

එහිදී බස් රථ 729ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද වෙනත් වාහන සංඛ්‍යාව ද 729ක්.

මෙම පරීක්ෂා කිරීම්වල දී මත්ද්‍රව්‍ය, මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙක් සහ සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසුවා.

රථ වාහන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 738ක් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 166ක් එක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51