පොලිසිය ඇන්දු කාන්තාවක් රුපියල් කෝටියක හෙරොයින් මාට්ටු වුණ හැටි

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 21ක් සමග 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (23) මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් වැටලීම සිදුකර ඇත.

මෙම සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 14ක් සමග 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 2කට අධික මුදලක් ද ඇය සන්තකයේ තිබී සොයාගෙන ඇත.

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ද 31 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 20ක් සමග ඊයේ අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලීසිය සමත් වී තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේදී ද ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 60ක් සමග 24 හැවිරිදි පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?