පොලිසියේ 20,000ක් එකපාර ගෙදර

පොලිස් දෙපාර්තමේන්තුවේ විසිදහසක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් මතුව ඇත. මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීහු මේ බව පෙන්වා දී තිබේ.

ඊළාම් යුද්ධයේ ආරම්භයත් සමග පැවැති රජයන් එකවර පොලිසියට බඳවාගත් කොස්තාපල්, සැරයන්, උප පොලිස් පරීක්ෂක තනතුරුවල සිටින පිරිස මෙසේ වයස අවුරුදු හැට සපුරා මෙම වසරේ සිට විශ්‍රාම ගැනීමට නියමිතය.

මෙම පිරිස විශ්‍රාම ගැනීමත් සමග පොලිස් නිලධාරීන්ගේ හිඟය තවත් උග්‍ර වනු ඇත. මෙම පිරිස සමගාමීව වසරකට බඳවාගන්නා ප්‍රමාණය අවම බවද හෙළි වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවට දැනට වසරකට පුහුණු කිරීමේ හැකියාව ඇත්තේ දෙදහස් පන්සියකි.

විශ්‍රාම ගන්නා පිරිසට සමගාමීව අලුතෙන් බඳවාගෙන පුහුණුව ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක වී නොමැති බැවින් වහාම බඳවා ගන්නා පිරිස වැඩිකර පුහුණුවීම් ලබාදීමට සැලසුම් කරන්නැයි පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් ඇමැති සරත් වීරසේකරට උපදෙස් දී ඇත.

පොලිසියේ පුහුණු මධ්‍යස්ථානවල විශාල පිරිසකට පුහුණුවීම් ලබාදිය නොහැකි නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම පුහුණු කඳවුර ඇතුළු කඳවුරු කිහිපයක් ලබාගන්නා ලෙසද ඇමැතිවරයා උපදෙස් දී ඇත. සහරාන්ගේ අන්තවාදීන් පුහුණු කළ කඳවුරු වශයෙන් තිබූ ස්ථානද අවශ්‍යතා මත පුහුණුවීම් සඳහා ලබාගැනීමට හැකිද යන්න අවධානය යොමුකර ඇත.

විසිදහසක පමණ පිරිසක් එක්වර විශ්‍රාම යෑමේ අවදානමට මුහුණ දීමට මෙලෙස විශ්‍රාම යෑමට නියමිත අයට සේවා දිගුවක් ලබාදීමටද අවධානය යොමුකර ඇති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘අරුණ’ට පැවැසීය.

එම කාල සීමාවේ අලුතින් බඳවා‌ගෙන පුහුණුව ලබා තරුණ කණ්ඩායමක් සේවයට එක්කර ගැනීමෙන් දැනට ඇතිවන අවදානමෙන් මිදිය හැකි බව හෙතෙම පෙන්වා දෙන්නේය.

පොලිස් සේවය සඳහා එක්ලක්ෂ දහසය දහස් පන්සිය විස්සක පිරිසක් අවශ්‍ය බව ජනගහනය පදනම් කරගෙන පොලිස් දෙපාර්තමේන්තුව කළ පර්‌යේෂණයකින් අනාවරණය වී තිබිණි. පොලිස් දෙපාර්තමේන්තුව සතුව දැනට සිටින අසූදහසක පිරිසෙන් සාමාන්‍ය සේවයේ යොදවා සිටින්නේ තිස්හයදහසක් බවත් සෙසු පිරිස ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටින බවත් මහජන ආරක්ෂක ඇමැතිවරයා මීට පෙර අනාවරණය කළේය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32