පොලිසියෙන් පසුපස පැන්නූ යතුරුපැදිය අනතුරට ලක්ව යතුරුපැදිකරු මරුට – ප්‍රදේශවාසීන් නොසන්සුන් වෙයි (ඡායාරූප)

වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කිරීමේ දී එම යතුරුපැදිය අනතුරට ලක්ව තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ සිදු වූ එම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින අවස්ථාවේ දී අදාළ යතුරුපැදිකරු, යතුරුපැදිය ද සමඟ මාර්ගයේ වැටී හිස මාර්ගයේ වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්විමට් සමඟ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට චෝදනා කරමින් මළ සිරුර රැගෙන යාමට විරුද්ධත්වය පළ කරමින් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් එහිදී පවසා ඇත්තේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, පොලිසිය වෙත මළ සිරුර භාරදිය නොහැකි බවයි.

එහිදී අදාළ ස්ථානයට වවුනියාව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා,වවුනියාව හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව වවුනියාව පොලිසිය විසින් මෘත ශරීරය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය සමග ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?