පොලිසියෙන් පසුපස පැන්නූ යතුරුපැදිය අනතුරට ලක්ව යතුරුපැදිකරු මරුට – ප්‍රදේශවාසීන් නොසන්සුන් වෙයි (ඡායාරූප)

වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කිරීමේ දී එම යතුරුපැදිය අනතුරට ලක්ව තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ සිදු වූ එම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින අවස්ථාවේ දී අදාළ යතුරුපැදිකරු, යතුරුපැදිය ද සමඟ මාර්ගයේ වැටී හිස මාර්ගයේ වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්විමට් සමඟ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට චෝදනා කරමින් මළ සිරුර රැගෙන යාමට විරුද්ධත්වය පළ කරමින් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් එහිදී පවසා ඇත්තේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, පොලිසිය වෙත මළ සිරුර භාරදිය නොහැකි බවයි.

එහිදී අදාළ ස්ථානයට වවුනියාව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා,වවුනියාව හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව වවුනියාව පොලිසිය විසින් මෘත ශරීරය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය සමග ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52