පොලිසියට දෙන රහස් ඔත්තුවලට ලැබෙන මුදල් ත්‍යාග ගැන දැනුම්දීමක්

පසුගිය කාල වකවානුවේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසු කරගනිමින්, එම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද මුදලින් රුපියල් මිලියන 318කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ එම මුදල්වලට අලෙවි කරන ලද මත්ද්‍රව්‍ය අතර හෙරොයින්, ගංජා සහ අයිස් වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඇති බවයි.

මෙම මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 366කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 4796ක්, අයිස් කිලෝග්‍රෑම් 790ක ප්‍රමාණයක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) දිනයේ දී ද පොලිසිය මගින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර කේරල ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර කිසිවෙකු ළඟ හෝ නීතිවිරෝධී ගිනිඅවි ඇත්නම් ඒ බව පොලිසියට දැනුම්දෙන ලෙසට මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ඉල්ලීමක් සිදු කරනවා.

එමෙන්ම අදාළ තොරතුරු ලබාදෙන පිරිසගේ රහස්‍යභාවය සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමටත් පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එලෙස ලබාදෙන මුදල් ත්‍යාගවල ප්‍රමාණයන් නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?