පොලිසියට දෙන රහස් ඔත්තුවලට ලැබෙන මුදල් ත්‍යාග ගැන දැනුම්දීමක්

පසුගිය කාල වකවානුවේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසු කරගනිමින්, එම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද මුදලින් රුපියල් මිලියන 318කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ එම මුදල්වලට අලෙවි කරන ලද මත්ද්‍රව්‍ය අතර හෙරොයින්, ගංජා සහ අයිස් වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඇති බවයි.

මෙම මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 366කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 4796ක්, අයිස් කිලෝග්‍රෑම් 790ක ප්‍රමාණයක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) දිනයේ දී ද පොලිසිය මගින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර කේරල ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර කිසිවෙකු ළඟ හෝ නීතිවිරෝධී ගිනිඅවි ඇත්නම් ඒ බව පොලිසියට දැනුම්දෙන ලෙසට මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ඉල්ලීමක් සිදු කරනවා.

එමෙන්ම අදාළ තොරතුරු ලබාදෙන පිරිසගේ රහස්‍යභාවය සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමටත් පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එලෙස ලබාදෙන මුදල් ත්‍යාගවල ප්‍රමාණයන් නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15