නවගමුව කඩුවෙල ප්‍රදේශ දෙවනත් කරමින් පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ රතිඤ්ඤා පිපිරෙන්ට විය. අලූත් අවුරුද්ද ඉකුත් වී මසයකට ආසන්න කාලයක් ගත වී ඇති නිසා හිටිහැටියේම රතිඤ්ඤා පිපිරෙන්නේ මන්ද යන්න මේ ප්‍රදේශවල ඇතැමුන්ට මහා පෙහෙළිකාවක් විය.
මිනිස් ජීවිතයක් නැති වූ විට රතිඤ්ඤා පත්තු කර ප්‍රීති වීමට තරම් පහත් තත්ත්වයක අප ජාතිය පත් වී නැත. එහෙත් කඩුවෙල සහ නවගමුවේ ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති උත්සව පැවැත් වූයේ මිනිසත් බව ලැබීමටත් සුදුසු කමක් නැති මිලේච්ඡු පාපතරයකු පොලිස් වෙඩි පහරින් මියගිය පුවත සැලවීමත් සමගය. ඒ පාපතරයා වෙන කවරකුවත් නොව කඩුවෙල, නවගමුව, හංවැල්ල ප්‍රදේශවල අහිංසක පුරවැසියන්ට මහා පිළිලයක් බවට පත්ව සිටි කඩුවෙල පාතාලයේ අංක එකේ මිනීමරුවා ලෙස සුප්‍රකටව සිටි ඌරුජුවා නමැති අපරාධකාරයාය. මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු මෙකී නොකී අපරාධ රාශියකට සම්බන්ධ මේ පාතාල මැරයා කාලයක් තිස්සේ රඳවා සිටියේ බූස්ස බන්ධනාගාරයේය.
වර්තමානයේ බන්ධනාගාරවල සිදු වූ ප්‍රතිසංස්කරණවලට ප්‍රථම කාලසීමාවේ බන්ධනාගාරය යනු අපරාධකාරයන්ට ආරක්‍ෂිත නිල නිවස්නයක් විය.
තම අපරාධ රිසිසේ සිදුකර සැඟවී සිටීමට අවශ්‍ය පරිසරය බන්ධනාගාර තුළ ඔවුන්ට රිසිසේ සකස් කර දී තිබුණේය. ඌරුජුවා පමණක් නොව මේ වනවිට බන්ධනාගාරවල සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී, කංජිපාන ඉම්රාන් වැන්නවුන් මිනීමැරුම් සිදු කළේ බන්ධනාගාර රැකවරණය ලබමින්ය. වෙළේසුදා, සිද්ධික්, දෙමටගොඩ චමින්ද ඇතුළු මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් තොගපිටින් මත්ද්‍රව්‍ය වෙළෙදාම් කළේ මේ බන්ධනාගාරවල සියලූ සැප පහසුකම් මධ්‍යයේ සිටය. ඌරුජුවා ද වැලිකඩ බන්ධනාගාර යේ රඳවා සිටි කාලසීමාවේ කඩුවෙල පාතාලය පාලනය කළේ සිය ජංගම දුරකථනයෙන්ය. එහෙත් බන්ධනාගාරවලට දැඩි නීති රිතී ගෙන ඒමත් සමගම මේ පාතාල මැරයන්ගේ මෙන්ම මත්ද්‍රව්‍ය ඡාවාරම් කාරයන්ගේ අපරාධ සියයට අනූවකින් පමණ පහළ ගොස් තිබුණේය.
ඌරුජුවා වැලිකඩ බන්ධනාගාරයෙන් බූස්සට මාරුකර යවන්නේ ඔහු බන්ධනාගාරය තුළ සිට සිදුකරන අපරාධ කුමන්ත්‍රණ ප්‍රමාණය ඉහළයෑම නිසාය. බූස්ස බන්ධනාගාරයේදී ඌරුජුවාට මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ලෙස සුප්‍රකට වෙලේසුදා දැන හඳුනාගන්නට ලැබුණේය. වෙලේසුදාගේ හෙරොයින් තොග පිටින් විකිණීමේ ජාවාරමේ කොටස්කරුවකු වීමට ඌරුජුවාට එතරම් කාලයක් ගත වුණේ නැත. වසර ගණනක් බන්ධනාගාරයේ සුරසැප විඳිමින් මහා පාරිමාන ජාවාරම් මිනීමැරුම් සිදු කළ ඌරුජුවාට පසුගිය 10 වැනිදා ඇප ලැබුණේය.
ඌරුජුවාට ඇප ලැබෙන බව පොලිසිය ද කලින්ම දැන සිටියේය. ඒ වනවිට ඌරු ජුවා විසින් නවගමුව, කඩුවෙල, හංවැල්ල ප්‍රදේශවල මෙහෙයවූ අපරාධ ගණනාවකම තොරතුරු පොලිසිය වෙත ලැබී තිබුණේය. මේ අපරාධවල ප්‍රධාන සැකකරු වූ ඌරුජුවා බන්ධනාගාරයෙන් පිට වූ වහාම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඒ වනවිටත් නවගමුව පොලිසිය විසින් ආරම්භ කර තිබිණි. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන්ද උපදෙස් ලැබී තිබිණි. නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අත්තරගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඌරුජුවා අත්අඩංගුවට ගැනීම සඳහා බූස්ස බන්ධනාගාරය අසලට ගොස් සිටියහ.
පොලිසිය තමන් ලූහුබඳින බව කල්තියාම දැන සිටි ඌරුජුවා බූස්ස බන්ධනාගාරයෙන් පිට වී හෙමිහිට මාරු වුණේය. එහෙත් ඒ වනවිට පොලිසිය ඌරුජුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දැලක් එලා තිබුණේය. බන්ධනාගාරයෙන් පිට වී පැය කීපයක් ගත වන්නට පෙර ඌරුජුවා නවගමුව පොලිසියේ නිලධාරීන් භාරයට පත් වුණේය. වසර ගණනක් තිස්සේ
බන්ධනගාරය තුළ රැකවරණය ලබමින් සිදු කළ මහා අපරාධ ගණනාවක තොරතුරු ඌරු ජුවා නවගමුව පොලිසියේ දී එකින් එක හෙළිි කරන්නට පටන් ගත්තේය.
ඒ වනවිට ඌරු ජුවා විසින් මෙහෙය වූ මිනිස් ඝාතන හතරක් පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබුණේය. මහා පරිමාන කප්පම් ගැනීම්, කප්පම් නොදුන් පුද්ගලයන් කපා කොටා පහරදී බරපතළ තුවාල සිදු කිරීම් 21 ක් සම්බන්ධයෙන් ඌරුජුවාට කෙලින්ම චෝදනා එල්ල විය.
ඌරුජුවාගේ පාතාල ගුරුවරයා වූ රණාලේ සමයං පිළිබඳව ද තොරතුරු රැසක් මේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය.
සමයං දිපූ ග්‍රෙනේඞ් වගයක් මගේ ළග තියනවා මට ඒ ටික දෙන්න පුළුවන් සර්.
සමයංට අයත් අවි ආයුධ කීපයක් පිළිබඳව ලැබුණු තොරතුරු සොයා බැලීම සඳහා නවගමුව පොලිසියේ නිලධාරීන් 11 වැනිදා රාත්‍රියේ පිටවූහ. මේ මෙහෙයුමට ඌරුජුවා ද රැගෙන ගියහ. නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ කැලෑවක සගවා තිබූ ග්‍රෙනේඞ් බෝම්බ 4 ක් ඌරුජුවා පොලිස් නිලධාරීන් වෙත ලබා දුන්නේය. ඒ සැනෙකින් ක්‍රියාත්මක වූ ඌරුජුවා සගවා තිබූ තවත් ග්‍රෙනේඞ් බෝම්බයක් ගෙන පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සාහ ගත්තේය. ජීවිත ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් ඌරුජුවා අවසන් ගමන් ගියේය. මාබුලගේ දිනිත් මෙලාන් මාබුල නොහොත් ඌරුජුවා කඩුවෙල ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු පුද්ගලයෙකි. කඩුවෙල පාතාලයේ මහ කෙරුමා ලෙස හැඳින්වූ රණාලේ සමයංගේ ප්‍රධානම ගෝලයා වූ ඌරු ජුවා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ අපරාධ ප්‍රමාණය කොතෙක් දැයි කිව නොහැකි තරම්ය. ඌරුජුවා ක්‍ෂණයකින් දැඩි ලෙස කෝපයට පත්වන පුද්ගලයෙකි. ඔහුට නිතරම ඌරුජුවල් යන නිසා ඌරුජුවා යනුවෙන් ඔහුට නමක් පටබැඳුණේය. දිනිත් මිලාන් මාබුල ඌරුජුවා ලෙස කූප්‍රකට වූයේ ඒ ආකාරයටය. කළුතර එතනවලදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර රණාලේ සමයං ඇතුළු හය දෙනෙකු ඝාතනයට ලක්වන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදාය.
සමයං ඝාතනයට ලක්වීමෙන් පසු කඩුවෙල පාතාලයේ ඊළග නායකත්වය පිළිබඳ ගැටලූවක් මතු වී තිබුණේය. ඒ මන්දයත් කඩුවෙල පාතාල කිරුළ සඳහා ඒ වනවිට පාපතරයන් දෙදෙනෙකුම සුදුසුකම් ලබා සිටි නිසාය. රණාලේ සමයංගේ සමීපතම සගයා වූ ඌරුජුවා සහ සමයංගේ මන්නා පිහි කල්ලියේ ප්‍රධානියා වූ ‘‘ඉන්දු’’ කඩුවෙල පාතාල කිරුළට සටන් කරන්නට වූහ.
ඌරුජුවා යනු කිසිම හිතක් පපුවක් නැති ඕනෑම පහත් පෙළේ තිරිසන් අපරාධයක් උවද කළ හැකි කාලකණ්ණි චරිතයකි. රණාලේ සමයං ඝාතනයට ලක්වීමෙන් පසු කඩුවෙල, නවගමුව,
අතුරුගිරිය, හංවැල්ල, බියගම, මාලබේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් පුද්ගලයන්ගෙන් ව්‍යාපාරික ස්ථානවලින් මාස් පතා කප්පම් ලබා ගැනීමේ කාර්ය සිදු කළේ ඌරුජුවාගේ ප්‍රධානත්වයෙන් යුත් කල්ලියක් විසින්ය. මේ කප්පම් මුදල් බෙදා ගැනීමේදී ඌරුජුවා සහ ඉන්ද්‍රා අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත්තේය. කඩුවෙලට අන්ඩවර්ල්ඞ් ලීඩර්ලා දෙන්නෙක් ඉන්න බැහැ. උඹට මං කියන විදිහට ඉන්න බැරිනම් පලයං යන දිහාවක…. ඌරුජුවා අවස්ථා කිහිපයකදීම ඉන්ද්‍රාට තර්ජනය කළේය. ඉන්‍ද්‍රා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවද සමයං සමඟ කඩුවෙලට වී ඔහුගේ පාතාල කල්ලියට සම්බන්ධ වී සිටි පාපතරයෙකි. අවසානයේ ඌරුජුවා විසින් වෙනම පාතාල කල්ලියක් බිහිකර ගත් අතර ඉන්‍ද්‍රාගේ නායකත්වය යටතේ කඩුවෙල තවත් පාතාල කල්ලියක් බිහි වූණේය. මේ පාතාල කල්ලි දෙක අතර මහා යුද්ධයක් හටගන්නට පටන් ගත්තේ පාතාල කිරුළ සඳහා ය. ඌරුජුවාෙගේ කල්ලිය සහ ඉන්‍ද්‍රාගේ කල්ලිය අතර නිතර නිතර ගැටුම් ඇතිවන්නට පටන් ගත්තේය. මේ ගැටුම් කෙළවර වූයේ මහා මිනිස් ඝාතන මාලාවකින් ය. වසර හතර පහක කාල සීමාවක් තුළදී මේ දෙපාර්ශ්වයේම සාමජිකයන් දහදොළොස් දෙනකුම ඝාතනයට ලක්වූහ.
ඌරුජුවා හිතාගෙන ඉන්නෙ ඌ කඩුවෙල පාතාල කෙරුමා කියලා. ඌට කවදාවත් ඒක ගන්න ලැබෙන්නෙ නැහැ. හෙට අනිද්දා මං ඕකව බල්ලෙක් වගේ මරල දානවා. ඉන්‍ද්‍රා සිය ප්‍රතිවාදියා වූ ඌරුජුවා ඝාතනයට පිඹුරුපත් සකස් කළේය. ඒ වනවිට ඉන්‍ද්‍රා සිය පාතාල කල්ලිය පෝෂණය කරගෙන ඉතාම ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියේය. ඌරුජුවා ද තම කල්ලියේ සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ දමාගෙන ඉන්‍ද්‍රාගෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සූදානමින් සිටියේය.
මේ අතර ඌරුජුවා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ නවගමුවේ සිදු වූ මිනීමැරුම් කීපයක් සම්බන්ධයෙනි. ඌරුජුවාට බන්ධනාගාරය ආරක්‍ෂිත නිවස්නයක් විය. කඩුවෙල පාතාලය සමඟ එක්වී සිටින විට තම ජීවිතය ගැන ඌරුජුවාට සිතුනේ අවිනිශ්චිත තත්ත්වයකි. එහෙත් බන්ධනාගාරයේ ආරක්‍ෂාව ලබමින් සිටින විට ඔහුට ජීවිත තර්ජනයක් තිබුණේ නැත. ඌරුජුවා
බන්ධනාගාරයේ සිට සියලූ අපරාධ මෙහෙයවන්නේ එතැන් සිටය. කඩුවෙල සහ නවගමුවේ සිටින සිය පාතාල කල්ලියේ මැරයන් යොදාගෙන ඌරුජුවා මාසිකව රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගත්තේය. කප්පම් නොදුන් පුද්ගලයන් එක්කෝ කපා කොටා ඝාතනය කළේය. නැත්නම් ඔවුන්ට ජීවිත කාලයටම විඳවන්නට දරුණු තුවාල සිදු කළේය. මේ අතරතුර ඉකුත් 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වැනිදා ඌරුජුවාගේ ජීවිතයේ සතුට දනවන සිද්ධියක් වුණේය. ඒ කඩුවෙල පාතාලයේ තම එකම ප්‍රතිවාදියා වූ ඉන්‍ද්‍රා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් අවසන් ගමන් යෑමේ සිදුවීමෙන් පසුවය. ඉන්‍ද්‍රා මියයෑම ගැන වඩාත්ම සතුටට පත්වූයේ ඌරුජුවා ය. එතැන් සිට ඌරුජුවාට තර්ජනයක් තිබුණේ නැත. කඩුවෙල කප්පම් ගැනීමේ ඒකාධිකාරය ඌරුජුවා ප්‍රමුඛ පාතාල කල්ලියට හිමි විය. කඩුවෙල, නවගමුව, හංවැල්ල. අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක හෙරොයින් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වූයේ ඌරුජුවාය.
ඌරුජුවා කාලයක් තිස්සේ නවගමුව ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඇය නමින් මධුෂිකාය. මධුෂිකාගේ සොහොයුරු වූයේ තුෂාරය. තුෂාර ද කාලයක් තිස්සේ සමයංගේ කල්ලියට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකි. සමයං ඝාතනයට ලක්වීමෙන් පසු කැඞී වෙන්වුණු පාතාල කල්ලියේ සාමාජිකයකු වූ තුෂාර අවසානයේදී ඉන්‍ද්‍රාගේ කල්ලියට සම්බන්ධ වුණේය. තුෂාරගේ නැගණිය බෙහෙවින් රූමත්ය. ඇය කාලයක සිට ඌරුජුවා සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගියාය. එහෙත් මේ පාතාල කල්ලිය දෙකඩවීමත් සමඟ තුෂාර ඌරුජුවාගේ බද්ධ වෛරක්කාරයකු බවට පත් වුණේය.
‘‘ඌරුජුවාට දෙනවද මගේ නංගිව. ඌ මහ තිරිසනෙක්නේ. හෙට අනිද්ද ඕක මැරුම් කනවා. එතකල් ඉවසගෙන හිටපල්ලා’’
තුෂාර තම සමීප සගයන්ට කීවේය. තම ප්‍රේම සම්බන්ධතාවයට තුෂාර විරුද්ධවීම නිසා ඌරුජුවා ඔහු කෙරෙහි පසුවූයේ දැඩි වෛරයකින්ය. මේ සිද්ධිය වනවිට ඌරුජුවා සිටියේ වැලිකඩ
බන්ධනාගාරයේය. තම ප්‍රේමයට විරුද්ධ වීම නිසා කෝපයට පත් වී සිටි ඌරුජුවා කෙසේ හෝ තුෂාර ඝාතනය කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටියේය. කඩුවෙල අධිකරණය වෙත රැගෙන ගිය අවස්ථාවක ඌරුජුවා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගියේය. ඌරුජුවා එදින
බන්ධනාගාරයෙන් පැන යන්නේ තුෂාර ඝාතනය කර තම වෛරය පිරිමහ ගැනීමටය. බන්ධනාගාරයෙන් පලාගොස් දින හතර පහක් ගත වන්නට පෙර ඌරුජුවා තුෂාරගේ නිවසට කඩාපැන්නේය. එදින ඔහු තුෂාර ඉලක්ක කර නිවසට වෙඩි වරුසාවක් එල්ල කළේය. එහෙත් වෙඩි තැබීමේ දක්‍ෂයකු නොවූ නිසා ඌරුජුවාගේ ඉලක්කය වැරදී ගියේය. තුෂාරට එදින අනතුරක් සිදුවූයේ නැත. තුෂාර ඝාතනය කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ පසු ඌරුජුවා නැවතත් බන්ධනාගාරයට භාරවන්නේ කඩුවෙල නිදහසේ සිටීම තම ජීවිතයට තර්ජනයක් යැයි සිතූ නිසාය. නැවත බන්ධනාගාරගත වුවද තුෂාර ඝාතනය කිරීම සඳහා කර තිබූ සැලසුම නතර කිරීමට ඌරුජුවා සුදානම්ව සිටියේ නැත. 2017 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනිදා තම කල්ලියේ සාමාජිකයකු වූ අසිත යොදවා තුෂාර ඝාතනය කිරීමට සැලසුම් කළේය.
මේ සැලසුම සම්පූර්ණයෙන්ම සකස් කළේ වැලිකඩ බන්ධනාගාරයේ සිටය. කළු සාගර නමැති පාතාල මැරයකු ලවා ටී. 56 ගිනි අවියක් ගෙන්වා ගත් ඌරුජුවා එය අසිතට ලබා දී තුෂාර ඝාතනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කළේය. තුෂාර කොතලාවල මංසන්ධියට පැමිණෙන වේලාව බලා සිය ගෝලබාලයන් යොදවා ටී. 56 ගිනි අවියකින් ඔහුට වෙඩිතබා ඝාතනය කරවීමට ඌරුජුවා කටයුතු කළේය. තුෂාර ඝාතනය කළ පුවත සැලවීමත් සමඟ ඌරුජුවා පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් කෑගැසුවේය. එහෙත් ඌරුජුවාට තම ප්‍රේමය ජය ගැනීමට ඉඩක් ලැබුණේ නැත. තම සොහොයුරා ඝාතනය කළේ ඌරුජුවා විසින් බව හෙළිදරව් වීමෙන් පසු පෙම්වතිය මේ පාපතරයා අතහැර දැමුවේය.
සිත්පිත් නැති අපරාධවලින් මුළු කඩුවෙලම භීතියට පත් කරගෙන සිටි ඌරුජුවා නමැති අපරාධකරු අවසානයේ පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් ගියේය. කඩුවෙල තම පාතාල රාජධානිය කරගෙන සිටි කඩුවෙල වසන්ත, කරාටේ ධම්මික, රණාලේ සමයා වැනි මහා කෙරුම්කාරයන්ට ද සිදුවුණේ අකාලයේ සිය ජිවිත හැරයෑමටය. ඌරුජුවාගෙන් පසු කඩුවෙල පාතාලයට තවත් එකකු බිහිවනු ඇත. එහෙත් ඒ පාතාලයට ද සිදුවන්නේ අකාලයේම තම ජීවිතය හැර යෑමටය. ඒ පාතාලයේ හැටිය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්,
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අත්තරගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
හේමන්ත රන්දුණු