පොලිස් පොඩ්ඩන්ට ක්ෂණයකින් දඩුවම් දෙන්න පොලිස්පති නියෝග කරයි

පොලිස් නිලධාරියෙකු මාර්ගයක් අසල සිටින පුද්ගලයෙකුට පහර දෙන සිදුවීමකට අදාළ වීඩියෝවක් අද (දෙසැ. 24) දින සමාජ ජාලා මාධ්‍ය තුළ සංසරණය වුණා.

මෙම සිදුවීම කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී සිදුව ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිසිය පවසන්නේ, අදාළ පහර කෑමට ලක් වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු වන බව ය.

එම අවස්ථාවේදී සැකකරු බීමත්ව අශෝභන ලෙස හැසිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී ඔහු පොලිසිය වෙත බැන වදිමින් පහර දීමට පැමිණ ඇති බව අදාළ නිවේදන‍යෙහි සඳහන් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔහු පාලනය කර ගැනීම සඳහා එම අවස්ථාවේදී ‌පහරදුන් ‌බව එම පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇති බව ය.

තව ද පහර කෑමට ලක් වූ සැකකරු ඊට ‌සුළු ‌වේලාවකට ‌පෙර නගරයේ ‌වෙළඳ සලකට පැමිණි ‌කාන්තාවකට ද ‌යකඩ පොල්ලකින් පහර දීම ‌හේතුවෙන් අදාළ කාන්තාව ‌රෝහල් ගත කර ඇති බව ද ‌පොලිසිය පැවසීය.

කෙසේ ‌වෙත ත් සැකකරු‌වෙකු පාලනය කර ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකුට යෙදිය හැකි අවම බලය ඉක්මවා කටයුතු කර ඇති බවට නිරීක්ෂණය වී ඇති ‌හෙයින් අදාළ නිලධාරියාට විරුද්ධව විනය කටයුතු සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් සබරගමු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිදුකළ පහරදීමට සම්බන්ධව අදාල නිලධාරියාට පොලිස්පතිවරයා ලබාදුන් දඩුවමනම් ස්ථාන මාරුවක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49