පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ අයෙක් අල්ලයි

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසනවා.

සැකකරු සතුව තිබූ මන්නය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පුද්ගලයකු මන්නා පිහියක් රැගෙන කලහකාරි ලෙස හැසිරෙන බවට දිවා මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ලද තොරතුරු අනුව වැලිපැන්න, නුග ගහ ලන්ද , බිෆ් වත්ත ප්‍රදේශයට ගොස් තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු පරුෂ වචනයෙන් බැන වදිමින් කලහකාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ට අත දරා සිටි මන්නෙන් පහරදීමට තැත් කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා 119 දිවා රාජකාරියේ යෙදුණු පොලිස් සැරයන්වරයකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන ඔහුගේ ද සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයකු සමග ආරවුලක් හටගෙන එම පුද්ගලයා විසින් සැකකරුගේ කන සපා කා බරපතළ තුවාල සිදුකර තිබූ අතර ඊට උරනව සැකකරු මන්නයක් රැගෙන එම පුද්ගලයා සමඟ ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙක්.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03