AFC Banner
AFC Banner
Empty Ad

පොලිස්පති ධුරයේ වැඩබලන දේශබන්දුට කාදිනල්ගෙන් බලවත් අප්‍රසාදයක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව වැඩබලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

අද දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ.

නමුත් අදාළ පත් කිරීමට අගරදගුරු හිමියන් විරෝධය එල්ල කළ ඇති අතර,ජනපතිගේ එම තීරණය කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දැක තිබෙනවා.

මෙම පත් කිරීම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට එල්ල වූ දැවැන්ත ම අවමානය බවයි එහි දැක්වෙන්නේ.

අහිංසක ජීවිත 273 දෙනෙකු මරණයට පත් කරමින්, තවත් මිනිසුන් 500කගේ පමණ අනාගතය අඳුරු කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබියදීත් එය පැහැර හැරීම පිළිබඳ ව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් චෝදනාවට ලක් කර ඇත්තෙකු වන දේශබන්දු තෙන්නකෝන් හට එරෙහිව විනය ප‍රීක්ෂණයක් ද නිර්දේශ කර ඇති පසුබිමක දී මෙවැනි තනතුරක් ලබාදීම පිළිගත නොහැකි බව ද කාදිනල් හිමියන් පවසනවා.

මීට අමතර ව දේශබන්දු තෙන්නකෝන් හට තවත් චෝදනා දෙකක් ද එල්ල වී ඇති අතර; ඒවා නම්;

  • 2022 මැයි 09 වැනි දා ගාලු මුවදොර සාමකාමී අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය වළක්වා නොගැනීම.
  • ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් දහහත් කෝටි අසූපස් ලක්ෂයක මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර, මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයාට භාරදෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දීමත්;

ආදී චෝදනා නව වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව පවතින බවටයි කාදිනල් හිමියන් චෝදනා කරන්නේ.

එවැන්නෙකුට රටේ පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ලබාදීම හුදෙක් ජනාධිපතිවරයාට ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු හැඟීමක් නොමැති බවට හැඟෙන බවට පෙනී යන බව ද අගරදගුරු හිමියන් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
13
+1
12
+1
4
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?