පොලිස්පති ධුරයේ වැඩබලන දේශබන්දුට කාදිනල්ගෙන් බලවත් අප්‍රසාදයක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව වැඩබලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

අද දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ.

නමුත් අදාළ පත් කිරීමට අගරදගුරු හිමියන් විරෝධය එල්ල කළ ඇති අතර,ජනපතිගේ එම තීරණය කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දැක තිබෙනවා.

මෙම පත් කිරීම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට එල්ල වූ දැවැන්ත ම අවමානය බවයි එහි දැක්වෙන්නේ.

අහිංසක ජීවිත 273 දෙනෙකු මරණයට පත් කරමින්, තවත් මිනිසුන් 500කගේ පමණ අනාගතය අඳුරු කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබියදීත් එය පැහැර හැරීම පිළිබඳ ව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් චෝදනාවට ලක් කර ඇත්තෙකු වන දේශබන්දු තෙන්නකෝන් හට එරෙහිව විනය ප‍රීක්ෂණයක් ද නිර්දේශ කර ඇති පසුබිමක දී මෙවැනි තනතුරක් ලබාදීම පිළිගත නොහැකි බව ද කාදිනල් හිමියන් පවසනවා.

මීට අමතර ව දේශබන්දු තෙන්නකෝන් හට තවත් චෝදනා දෙකක් ද එල්ල වී ඇති අතර; ඒවා නම්;

  • 2022 මැයි 09 වැනි දා ගාලු මුවදොර සාමකාමී අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය වළක්වා නොගැනීම.
  • ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් දහහත් කෝටි අසූපස් ලක්ෂයක මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර, මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයාට භාරදෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දීමත්;

ආදී චෝදනා නව වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව පවතින බවටයි කාදිනල් හිමියන් චෝදනා කරන්නේ.

එවැන්නෙකුට රටේ පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ලබාදීම හුදෙක් ජනාධිපතිවරයාට ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු හැඟීමක් නොමැති බවට හැඟෙන බවට පෙනී යන බව ද අගරදගුරු හිමියන් අවධාරණය කරනවා.

  1. කර්මය ගැන විශ්වාස කිරිමෙන් ඔබෙ ගින්න නිවි යයි වැපුරුවෙ යම්දෙයක්ද පලයත් අස්වැන්න එයමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13