පොලිතීන් බෑග් වෙනුවට එන පරිසර හිතකාමී කඩදාසි බෑග්

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාකර තිබෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි.

එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි.

පසුගිය 10 වෙනිදා සහ 12 වෙනිදා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමවූ අතර එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම ද සිදු වුණා.

එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව එම වාර්තා අනුමත කිරීමද සිදුව තිබෙනවා.

මෙම කාරක සභාව සඳහා විපක්ෂ න‍ායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, සුජීව සේනසිංහ, උපුල් කිත්සිරි යන අයද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03