පොල් මද, පොල් කිරි, පිටි කළ පොල් සහ ලිසිඳි පොල් ආනයනයට සැරසෙයි (වීඩියෝ)

පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් මද, පොල් කිරි, පිටි කළ පොල් සහ ලිසිඳි පොල් ආනයනය සඳහා අවසර ඉල්ලා කැබිනට් සන්දේශයක් මෙම සතිය තුළ ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.

අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මානතශාලාවල ප්‍රයෝජනය සඳහා මෙලෙස පොල් මද, පොල් කිරි, පොල් කිරි පිටි සහ ලිසිඳි පොල් ආනයන කිරීමට තීරණය කර ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙලෙස ආනයනය කරනු ලබන පොල් මද, පොල් කිරි, පොල් කිරි පිටි සහ ලිසිඳි පොල් පාරිභෝගික ජනතාවට මිල දී ගැනීම වෙනුවෙන් දේශීය වෙළඳපොළට නිකුත් කිරීමක් සිදුනොකරන බවයි.

මෙම ආනයනයන් සඳහා අවසර ලැබූ පසු පොල් ආශ්‍රිතව නිෂ්පාදනයන් සිදුකරනු ලබන ආයතනවලට සෘජුවම මෙම ආනයනයන් සිදුකළ හැකි බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ මුල් මාස හතර තුළ අඩුවන පොල් ගෙඩි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා ද කටයුතු කරන බව සභාපතිවරයා පැවසුවා.

පොල් පාර්භෝගිකයින් වෙත සාධාරන මිලකට පොල් ගෙඩියක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21