පොත අස්සේ ගිනිඅවිය සඟවා ඇත්තේ ඉෂාරාගේ සොහොයුරු බවට හෙළිවෙයි

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව මේ වන විට (26) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට අනුව නිලධාරින් ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගෙන් මෙන් ම ගනේමුල්ල සංජීව උසාවියට රැගෙන එම සිදු කිරීම සම්බන්ධයෙන් වගකීම දැරු නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ඇති බව‍යි වාර්තා වන්නේ.

තවත් 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

මෙම විමර්ශන කටයුතු සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවනවා.

උසාවියට ගෙන ඒමට පෙර ගනේමුල්ල සංජීව සිටි සිරමැදිරියේ තිබී ජංගම දුරකථනයක් ද හමු ව තිබෙන අතර එය ද මේ වනවිට විමර්ශන සඳහා භාරකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සංජීව ඝාතනයෙන් පසු අතුරුදන් ව සිටින මෙම සිද්ධිය මහමොළකාරිණිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි විසින් රැගෙන එන ලද ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහය ග්‍රන්ථයේ ඇතුළත සූක්ෂ්ම අයුරින් කපා එහි බහා ඇත්තේ ඇයගේ සොහොයුරා බවට හෙළි ව තිබෙනවා.

එමෙන්ම ඇයගේ සොහොයුරා හට ද විදෙස්ගත ව සැඟවී සිටින කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් වරින් වර මුදල් තැන්පත් කරන ලද බවත් හෙළි ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

තව ද, වෙඩික්කරු වන කොමාන්ඩෝ සමිදු සහ ඉෂාරා අතර සමීප ඇසුරක් තිබී ඇති බවත් ඔවුන් ඝාතනයට පෙර දිවුලපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් අත්‍යවශ්‍ය ආහාරපාන ද ලබාගෙන ඇති බවත් සඳහන්.

ඔවුන් ළැඟුම්හලට පිටත් ව යාමට පෙර රාජ්‍ය බැංකුවකින් රුපියල් 50000ක මුදලක් ද ලබාගෙන ඇති බවයි සිදු කළ විමර්ශනවලින් හෙළි ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා එළඹෙන 07 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත ද කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?