ඉන්දියානු ඩයස්පෝරාව ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ දී විරෝධතා රැලියක් සංවිධාන කර තිබුණේ ජම්මු කාශ්මීරයේ පෙහෙල්ගාම් හි ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිවයි.
ඉන්දියානුවන් 300ක පමණ පිරිසක් ඊට එක්ව සිටියා.
මධ්‍යම දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටට එක් රැස් වූ පිරිස විරෝධතා පෙළපාලියක නිරත වුණේ වින්දිතයන්ගේ පවුල්වලට සිය සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා යි.
පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්ත සංවිධානයට එරෙහි පුවරු ඔවුන් අත තිබුණා.
විරෝධතාකරුවන් පාකිස්තානයට එරෙහිව ද සටන් පාඨ කියමින් හඬ නැගූ බව මාධ්‍ය වාර්තා කළා.
මේ අතර බර්ලිනයේ ශ්‍රී ගනේෂ කේවිලේ දී මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් විශේෂ පූජාවක් ද පැවැත්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





