පෙම්වතුන්ට මැතිවරණ අපේක්ෂකයා සූදානම් කළ සංගීතයට තහනමක්

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් ගාල්ල නගර සභා භූමියේ අද (14) රාත්‍රියේ පැවැත්විමට සංවිධානය කරතිබූ සංගීත සංදර්ශනයක් තහනම් කිරීමට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල නගර සභාවට තරග වදින අපේක්ෂකයෙකු විසින් සංගීත සංදර්ශනයක් සමඟ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වැඩසටහනක් සංවිධානය කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව එය නතර කිරීමට මෙලෙස පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම උත්සවයට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර නිකුත් නොකිරිමටත්, එම සංගීත සංදර්ශනය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පොලිසියට පළාත් පාලන කොමසාරිස්ට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම්දුන් බවත් මැතිවරණ පැමිණිලි විමරශන මධ්‍යස්ථානය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03