Empty Ad
AFC Banner
Empty Ad

පෙම්වතා සමග ගිය තරුණියගේ සිරුර වෙරලෙන් හමුවූ ඇඟ කිලිපොලා යන කතාව

මන්නාරම කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී සොයාගත් තරුණියගේ මළසිරුර සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරනය වී ඇති බවට මන්නාරම පොලීසිය පවසයි.

කොන්දෙයිපිටටි වෙරලේදී 14 වනදා සොයාගත් තරුණියගේ මළසිරුර මේ වන විට ඇයගේ මව විසින් හඳුනාගෙන් ඇති අතර මෙම තරුණිය යාපනයේ පදිංචි 22 හැවිරිදි කීර්තනා නැමත්තියක් බවටත් ඇගේ පියා නොමැති හෙයින් මව කුලී වැඩ කොට පවුල් නඩත්තු කිරීම නිසා පැවති අඩු ආර්ථික තත්වය මත තරුණිය මන්නාරම් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කොට ඇති බවටද අනාවරනය වී ඇත.

මන්නාරම ප්‍රධාන පාලමේ සි 13 දා මුහුදට තරුණයක් වැටෙන අයුරු අසල සිටි ධීවරයින් පිරිසක් දැක මුහුදට වැටුනු තරුණිය සෙව්වුද තරුණය අතුරුදහන්වී ඇති අතර පසුව ඊයේ (14) දින තරුණියගේ මළ සිරුර කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම් දී තිබුණි. 

 පසුව තරුණියගේ මළසිරුර තිබූ ස්ථානයට ගොස් පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කල අතර එහිදී මිය ගිය තරුණිය පසුගිය 11 වනදා තවත් තරුණයෙකු සමගින් මන්නාරම බස්නැවතුම්පලේදී හමු වී කතාකරන අයුරු සී.සී.ටී.වී කැමරා මගින් අනාවරනය කරගැනීමට පොලීසියට හැකිවී ඇත. 

ඒ අනුව අදාල තරුණයා ඇගේ පෙම්වතා විය හැකි බවටත් ඔහු සමග ඇති වූ පෙම් ආරවුලක් මත තරුණිය මන්නාරම් ප්‍රධාන පාලමෙන් පැන සියදිවි හානිකරගත්තේද නැතිනම් තරුණයා විසින් තරුණියව පාලමෙන් තල්ලුකරේද යන්න පිළිබදව සැකසහිත බැවින් ඒ පිළිබදව පුලුල් පරික්ෂණයක් අරඹා තිබේ. 

මිය ගිය තරුණියගේ මළසිරුර පශ්චාත් පරණ පරිකෂණය වෙනුවෙන් මන්නාරම් රෝහලට භාර දී ඇති අතර අදාල තරුණයා සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?