පෙම්වතා සමග ගිය තරුණියගේ සිරුර වෙරලෙන් හමුවූ ඇඟ කිලිපොලා යන කතාව

මන්නාරම කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී සොයාගත් තරුණියගේ මළසිරුර සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරනය වී ඇති බවට මන්නාරම පොලීසිය පවසයි.

කොන්දෙයිපිටටි වෙරලේදී 14 වනදා සොයාගත් තරුණියගේ මළසිරුර මේ වන විට ඇයගේ මව විසින් හඳුනාගෙන් ඇති අතර මෙම තරුණිය යාපනයේ පදිංචි 22 හැවිරිදි කීර්තනා නැමත්තියක් බවටත් ඇගේ පියා නොමැති හෙයින් මව කුලී වැඩ කොට පවුල් නඩත්තු කිරීම නිසා පැවති අඩු ආර්ථික තත්වය මත තරුණිය මන්නාරම් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කොට ඇති බවටද අනාවරනය වී ඇත.

මන්නාරම ප්‍රධාන පාලමේ සි 13 දා මුහුදට තරුණයක් වැටෙන අයුරු අසල සිටි ධීවරයින් පිරිසක් දැක මුහුදට වැටුනු තරුණිය සෙව්වුද තරුණය අතුරුදහන්වී ඇති අතර පසුව ඊයේ (14) දින තරුණියගේ මළ සිරුර කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම් දී තිබුණි. 

 පසුව තරුණියගේ මළසිරුර තිබූ ස්ථානයට ගොස් පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කල අතර එහිදී මිය ගිය තරුණිය පසුගිය 11 වනදා තවත් තරුණයෙකු සමගින් මන්නාරම බස්නැවතුම්පලේදී හමු වී කතාකරන අයුරු සී.සී.ටී.වී කැමරා මගින් අනාවරනය කරගැනීමට පොලීසියට හැකිවී ඇත. 

ඒ අනුව අදාල තරුණයා ඇගේ පෙම්වතා විය හැකි බවටත් ඔහු සමග ඇති වූ පෙම් ආරවුලක් මත තරුණිය මන්නාරම් ප්‍රධාන පාලමෙන් පැන සියදිවි හානිකරගත්තේද නැතිනම් තරුණයා විසින් තරුණියව පාලමෙන් තල්ලුකරේද යන්න පිළිබදව සැකසහිත බැවින් ඒ පිළිබදව පුලුල් පරික්ෂණයක් අරඹා තිබේ. 

මිය ගිය තරුණියගේ මළසිරුර පශ්චාත් පරණ පරිකෂණය වෙනුවෙන් මන්නාරම් රෝහලට භාර දී ඇති අතර අදාල තරුණයා සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48