පෙබරවාරි මාසයේ එන ඊළඟ අර්බුය

ලබන පෙබරවාරි මස වන විට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් සියයට ආසන්න විය හැකි බවට ඉන්ධන පිළිබඳ විශේෂඥයෝ අනාවැකි පළ කරනවා.
යුරෝපයට බලපාන සීත ඍතුව නිසා ඒ රටවල ඉන්ධන භාවිතය ශීඝ්‍ර ලෙස වැඩිවීම මීට එක් ප්‍රධාන හේතුවක් බව එම විශේෂඥයෝ පෙන්වා දෙනවා.  ගෙවුණු සතියේ ද බොර තෙල් බැරලයක මිල ඩොලර් 87 දක්වා ඉහළ ගිය අතර එම වැඩිවීම වසර හතරහමාරකට පසු වාර්තා වූ ඉහළ ම අගය බව වාර්තා වේ.  මේ අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අසීමිත ලෙස ඉහළ ගියහොත් ලබන පෙබරවාරි වන විට මෙරටේ දැඩි ඉන්ධන අර්බුදයක් හට ගන්නා බව ද විශේෂඥයෝ පෙන්වා දෙයි.  ඩොලර් අර්බුදය හමුවේ මිරිකී ඇති මෙරට ආර්ථිකයට මේ තත්ත්වයෙන් බාධා ඇති වූවොත් ඉහළ යන ඉන්ධන මිල හමුවේ මෙරට ඉන්ධන මිල වැඩි නොකළහොත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසීමිත ලෙස පාඩු ලැබිය හැකි බව ද එම විශේෂඥයෝ වැඩිදුරට ත් අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?