AFC Banner
AFC Banner
Empty Ad

පෙට්‍රල් මිල අද මැදියම් රැයේ පහළට – ඩීසල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වන බවට වාර්තා වනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන පවතින මිල රුපියල් 09කින් පහත හෙලීමටයි තීරණය කර ඇත්තේ.

එහි නව මිල වන්නේ රුපියල් 356ක්.

පවතින මිලට වඩා රුපියල් 05කින් ලංකා සුදු ඩීසල් මිල ඉහළ නංවා තිබෙනවා.

එහි නව මිල ලෙස රුපියල් 356ක් සටහන් වනු ඇති.

ඊට අමතර ව ලංකා සුපර් ඩීසල් මිල රුපියල් 10කින් සහ භූමිතෙල් මිල රුපියල් 07කින් ඉහළ දමා තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මෙම නව සංශෝධනයන් අද මධ්‍යම රාත්‍රී 12 සිට බලාත්මක වනු ඇති.

Screenshot 2023 10 31 221130
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?