පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීමට පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක්

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ,

මේ රටේ සිටින දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේම ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට ද කටයුතු ,කරනවා. පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බවට හඳුනාගත් ළමුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් මේ වන විටත් රජය ආරම්භ කර තිබෙනවා. පෝෂණ ඌනතාවයෙන් පෙළන, ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම වෙනුවෙන් ද රජය මගින් මුදලක් ලබාදීමට කටයුතු කරනවා. දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හඳුනාගත් පවුල් වෙත මෙලෙස මූල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පෙර පාසල් පවත්වාගෙන යෑමේදී යම්කිසි නියාමනයන්ට යටත්ව එය සිදුකළ යුතුයි. පෙර පාසල් ළමුන්ගේ මානසිකත්වය ගොඩනැංවීම සිදු වන්නේ පෙර පාසල් මගින්. පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ අපේ රටේ විශේෂ අවධානයක් යොමු වන්නේ නැහැ. ඒ නිසා, ඒ පිළිබඳ පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජපානය, ස්විස්ටර්ලන්තය වැනි රටවල මෙන් පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණු මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ආ යුතුයි. ඒ වගේම ඔවුන්ව ජපානය, ස්විස්ටර්ලන්තය වැනි රටවලවලට යවා විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍යයි.

පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතුයි. පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතුයි. ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍යයි.

ඒ වගේම ඇතැම් පෙර පාසල්වල සහාය ගුරුවරියන් සිටිනවා. සමහර විට එම සහය ගුරුවරිය සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු විය හැකියි. ප්‍රධාන ගුරුවරිය සමඟ දීර්ඝ කාලයක් සේවය කිරීමේ අත්දැකීම ඔවුන්ට තිබෙනවා. එනිසා ඔවුන්ටත් හොඳ පුහුණුවක් මෙන්ම වැටුපක් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ගුරුවරයාගේ මානසිකත්වය නිසියාකාරව තිබිය යුතුයි. පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ දැමීමටත් එය පිටිවහලක් වෙනවා.

ඇතැම් මව්වරු බිළිඳුන් මහමඟ දමා යනවා. එහෙම නොමැති නම් ඝාතනය කරනවා. එහෙම කරන්න එපා. බිළිඳුන් අපට දෙන්න. රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු කටයුත්තක්. නමුත් රජයේ රෝහල්වල වෙනම ම ස්ථාන සකස් කර ළමුන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරනවා.

මේ රටේ කාන්තා හිංසනය මෙන්ම ළමා අපචාර ප්‍රතිශතය යම් මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. ළමා අපචාර සම්බන්ධයෙන් පාසල් මට්ටමින් ළමුන් දැනුම්වත් කිරීමට යෝජනා කර තිබෙනවා. පාසල් දැරියකට හෝ දරුවෙකුට ලිංගික අතවරයක් සිදු වූ විට අම්මාට හෝ තාත්තාට කීමට පැකිළෙනවා. ඇතැම් විට ඒ බව හොඳම යෙහෙළියට හෝ යහළුවාට කියන්න ඉඩ තිබෙනවා. ඒ නිසා පාසල් ළමුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදේශන වැඩසටහන් පැවැත්විය යුතුයි.

කාන්තා හා ළමා අපචාර සම්බන්ධයෙන් වූ නීතියේ හිඩැස් තිබෙනවා. අපචාරයක් සිදු වූ විට පොලිසියට පැමිණිලි කිරීමට ඇතැම් කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැහැ. සියලුදෙනා ඉදිරිපිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය විට කාන්තාවන් ලැජ්ජාවට පත් වෙනවා.

ඒ නිසා කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වෙනම ස්ථාන, වෙනම කාන්තා පොලිස් නිලධාරිනියන් යෙදවිය යුතුයි. එසේම එවැනි කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීත් විශේෂ අවධානයක් සහ ආරක්ෂාවක් ලබාදිය යුතුයි. ඒ වගේම කාන්තා අපචාර, ඝාතන සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිවෙකුට අගතියක් නොවන ලෙස ස්වයං විනයකින් කටයුතු කිරීමට මාධ්‍යයද අවධානය යොමු කළ යුතුයි.

ගැබිණි මවුවරුන් සඳහා වූ පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩසටහන අප තවදුරටත් සිදු කරගෙන යනවා. රජයේ මාතෘ සායනවල ලියාපදිංචි මවුවරුන්ට මෙසේ පෝෂණ ආධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම වර්ෂය සඳහා පමණක් ගැබිණි මව්වරුන්ගේ පෝෂණ ආධාර ලබාදීමට රජය රුපියල් මිලියන 11ක් වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29