AFC Banner
AFC Banner
Empty Ad

පුස්සැල්ලාවේ අනතුරකින් පසු බස් රථයකට ගිනි තබයි

පුස්සැල්ලාව, පෙරෙට්ටාසි මාර්ගයේ කාචමලේ කම්බි ලැයිම අසල දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් පටු මාර්ගයේ ගමන්කරමින් තිබියදී රෝදයක් කානුවකට වැටීමත් සමඟ බස් රථය ඇලවී පසෙක තිබූ පස් බැම්මට හේත්තුවීමෙන් අද(11) උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථයේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් බස් රථයට හා බැම්මට අසුවීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් පසු ප්‍රකෝපකාරීව හැසිරුන ප්‍රදේශවාසීන් විසින් බස් රථයට ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?