පුද්ගල මළ සිරුරු 3ක් හමුවෙයි

ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මළ සිරුරු තුනක් හමුවී තිබෙනවා.

ඊයේ (19) උදෑසන ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ පාලමක් අසල සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගල සිරුරක් සොයා ගැණුනේ ඇල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර බදුල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය 18 වනදා සිට අතුරුදන් බවට පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ බව සඳහන්.

වස පානය කිරීමෙන් සිදු කර ගත් සිය දිවි හානි කර ගැනීමක් බවට මෙය සැක කෙරෙන අතර වස බෝතලයක් ද එම ස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා.

මේ අතර උඩප්පුව සහ තංගල්ල වෙරළ තීරයන්වල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරු දෙකක් ද සොයා ගැණුනා.

ඊයේ සවස පෙරියපාඩු වෙරළ තීරයේ තිබී අවුරුදු 50ත් 60ත් පමණ අතර වයසක පසුවන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

උස අඩි 5යි අඟල් 6ක් පමණ වන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති අතර අද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. උඩප්පුව පොලිසිය මේ සම්බන්ධ විමර්ශන සිදු කරනවා.

මේ අතර තංගල්ල මැදකැටිය වෙරළ තීරයේ තිබියදී ද නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

උස අඩි 5යි අඟල් 8ක් පමණ වන මෙම පුද්ගලයා වයස අවුරුදු 25ත් 35ත් අතර වයසක පසුවන අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.

ඊයේ දහවල් සොයා ගත් මෙම මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?