පුද්ගල මළ සිරුරු 3ක් හමුවෙයි

ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මළ සිරුරු තුනක් හමුවී තිබෙනවා.

ඊයේ (19) උදෑසන ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ පාලමක් අසල සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගල සිරුරක් සොයා ගැණුනේ ඇල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර බදුල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය 18 වනදා සිට අතුරුදන් බවට පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ බව සඳහන්.

වස පානය කිරීමෙන් සිදු කර ගත් සිය දිවි හානි කර ගැනීමක් බවට මෙය සැක කෙරෙන අතර වස බෝතලයක් ද එම ස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා.

මේ අතර උඩප්පුව සහ තංගල්ල වෙරළ තීරයන්වල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරු දෙකක් ද සොයා ගැණුනා.

ඊයේ සවස පෙරියපාඩු වෙරළ තීරයේ තිබී අවුරුදු 50ත් 60ත් පමණ අතර වයසක පසුවන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

උස අඩි 5යි අඟල් 6ක් පමණ වන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති අතර අද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. උඩප්පුව පොලිසිය මේ සම්බන්ධ විමර්ශන සිදු කරනවා.

මේ අතර තංගල්ල මැදකැටිය වෙරළ තීරයේ තිබියදී ද නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

උස අඩි 5යි අඟල් 8ක් පමණ වන මෙම පුද්ගලයා වයස අවුරුදු 25ත් 35ත් අතර වයසක පසුවන අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.

ඊයේ දහවල් සොයා ගත් මෙම මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42