පුද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ලෙස දරුවන්ට පහසුකම සලසා දිය යුතුයි – අගමැති

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසාදීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට අද (23) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින්.

උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නිකුත් වී නොමැති බව පවසමින්, අදාළ ප්‍රශ්නය මතු කෙරුනා.

“විපක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණය සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කලින් ද පැහැදිලි කළා, ප්‍රකාශ කළා. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ගය දැනට සාකච්ඡා කරලා ක්‍රියාත්මක වෙනවා. මම අධ්‍යාපන අමාත්‍යතුමා කාලයේ මම සිහිපත් කරන්න කැමතියි, බොහොම කෙටි කාලයක් ඒ කාලයේත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම අපි දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ. එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා. ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් මේ දරුවන්ට විශ්වවිද්‍යාලයට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන අයට ඒ පහසුකම සලසා දීමට මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගනිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03